දියුණු ලෝකයේ නොදියුණු කතාද වරින් වර අසන්නට දකින්නට ලැබේ. මේද එවැනි කතාවකි. ක්‍රියාත්මක වන විස්සයි20 ලෝක ශූරතා තරගාවලියට සමගාවීව මේ කතාව වාර්තාවෙයි.
ලෝකයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් බොහෝ පිරිසක් හඩ නගනු ලබයි. එවැනි තත්ත්වයක් තිබියදී පවා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කළ ක්‍රියාවක් හේතුවෙන් ක්‍රිකට් ලෙව මෙන්ම සමස්ත ලෝකයේම අවධානය මේ වන විට ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින කාන්තා කණ්ඩායම් වෙත ලැබී තිබේ.
ඒ තරගාවලියට සහභාගීවන කණ්ඩායම් සඳහා ගුවන් ප්‍රෙව්ශපත් ලබාදීමේදී අයි.සී.සීය සිදු කළ අපූරු වැඩක් හේතුවෙනි.
එනම් තරගාවලියට සහභාගීවන කාන්තා කණ්ඩායම් සඳහා ECONOMY (ආර්ථික) පංතියේ ප්‍රෙව්ශ පත් හා පිරිම් කණ්ඩායම් වෙනුවෙන් BUSINESS පංතියේ ප්‍රවේශපත් ලබාදීමට කටයුතු කිරීම හේතුවෙනි. ආර්ථික පංතියේ ප්‍රෙව්ශපත් හා ව්‍යාපාරික අංශයේ ප්‍රෙව්ශපත් අතර දැඩි වෙනසක් පවතින අතර ව්‍යාපාරික ප්‍ර වේශපත් හා සසඳා බැලීමේදී ආර්ථික ප්‍ර වේශපත් වෙනුවෙන් හිමිවන්නේ අඩු සැලකිළිය.
මේ පිළිබඳව මාධ්‍ය විසින් දිගින් දිගටම කරුණු වාර්තා කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ වෙනුවෙන් අපූරු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. එනම් මේ වන විටත් තමන් කාන්තා ක්‍රිකට් දියුණු කිරීම සඳහා විශාල වශයෙන් මුදල් හා සම්මත් ආයෝජනය කර ඇති බව පැවැසීමයි.
කෙසේ වෙතත් එවැනි පැහැදිලි කිරීමකින් පමණක් ඇඟ බේරා ගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට අවස්ථාවක් නැති බව ප්‍රකාශ කරන විචාරකයන් පවසන්නේ ශිෂ්ඨ සම්පන්න සමාජයක ස්ත්‍රී පුරුෂ සමානාත්ම තාව වෙනුවෙන් හඩ නගන කාලයක ලෝක මට්ටමේ සංවිධායනක් කළ මෙම ක්‍රියාව කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.
තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ව්‍යාපාරික ප්‍රවේශපත් යොදා ගනිමින් ඉන්දියාවට පැමිණිමට නියමිතව තිබුණත් අවසානයේදී අයි.සී.සීය හේතුවෙන් ඔවුන්ට ගමන් කිරීමට සිදුව ඇත්තේ ආර්ථික පංතියේ ප්‍ර වේශපත් යොදාගනිමිනි. කෙසේ වෙතත් ඔවුන් ඉන්දියාවට පැමිණි පසු ඒ සඳහා විරෝධය ප්‍රකාශ කර ඇති බව වාර්තාවෙයි.