33 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලිය ඔක්තෝබර් මස 02 දා ආරම්භවීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
කොළඹ හා ඒ අවට ක්‍රීඩාංගණ රැසකදී පැවත්වෙන තරගාවලිය සඳහා පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 39000ක් එක්විමට නියමිත බවද අමාත්‍යාංශය පවසයි.
ඔක්තෝබර් 02 දා සිට ඔක්තෝබර් 15 දා දක්වා තරගාවලිය පැවැත්වෙන අතර ආරම්භක උත්සවය ඔක්තෝබර් 02 දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන්ද, සමාප්ති උත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 15 දා ද පැවැත්වීමට නියමිතය.