කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම පරාජය කර මොහාලිහි පංජාබ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (27දා) රාත්‍රියේ පැවැති ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 27 වැනි තරගයෙන් ලකුණු 20 ක ජයක් ලැබීමට සන්රයසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් සන්රයිසර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 150/6 ක් රැස්කිරීමට සමත්විය. අර්ධ ශතක ඉනිමක් ගොඩනැගූ ඩේවිඩ් වෝනර් පන්දු 41කදී ලකුණු 58 ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 130/9 ක් පමණි. රිද්දිනම් සහා ලකුණු 42 ක් රැස්කළේය. සන්රයිසර්ස් වෙනුවෙන් ලකුණු 19කට කඩුලු 03ක් දවාලු ට්‍රෙන්ට් බෝල්ට් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
හයිද්‍රාබාද් 150/6 (පන්දුවාර 20)
ඩේවිඩ් වෝනර් 58 (41), මොයිසස් හෙන්රික්ස් 30 (32), නමන් ඕජා 28 (26), අශීෂ් රෙඩ්ඩි නොදැවී 22 (8), මිචෙල් ජොන්සන් 2/39 (4), අක්සාර් පටෙල් 2/25 (4), අනුරීට් සිං 1/27 (4), සන්දීප් ශර්මා 1/35 (4)
පංජාබ් 130/9 (පන්දුවාර 20)
රිද්හිනම් සහා 42 (33), ජෝර්ජ් බේලි 22 (16), අක්සාර් පටෙල් 17 (13), ඩේවිඩ් මිලර් 15 (14), මුරලි විජේ 12 (16), ට්‍රෙන්ට් බෝල්ට් 3/19 (4), භුනේෂ්වර් කුමාර් 2/23 (4), ප්‍රවීන් කුමාර් 1/34 (4), කර්න් ශර්මා 1/22 (4), මොයිසස් හෙන්රික්ස් 1/30 (4)