සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන තරග වටය ආරම්භ කරමින් නාග්පූර්හි ඊයේ (15දා) රාත්‍රියේ පැවැති පළමු තරගයෙන් ලකුණු 47 ක ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 127 ක ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 18.1 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 79 ක් පමණි. මෙය දෙරට අතර පැවැති පස්වැනි විස්සයි20 තරගය වූ අතර, එම කිසිදු තරගයක් ජයගැනීමට ඉන්දීය කණ්ඩායමට මෙතෙක් අවස්ථාව හිමිවී නැත.
ඉන්දීය ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යාමට දැඩි ප්රයත්නයක් දැරූ මහේන්ද්‍ර සිං දෝනි (30) හා විරාට් කෝලි (23) රැස්කළ ඉනිම් හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට ඉන්දියාව දෙසට ජයග්‍රහණය විවරකර දිය හැකි ඉනිමක් ක්‍රීඩාකළ නොහැකිවිය. මෙහිදී රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 10 ක් රැස්කිරීම හැරෙන්නටඅනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ජයග්‍රහණය පෙනෙන මාර්ගයට හෝ ඉනිම රැගෙනයාමට නොහැකි විය. ඉන්දීය බලාපොරොත්තු සම්පූර්ණයෙන් කණපිට පෙරලූ මිචෙල් සැන්ට්නර් කඩුලු 04 ක් දවාලූ අතර, ඒ සඳහා පන්දුවාර 04 තුළදී ඔහු වැයකළේ ලකුණු 11 ක් පමණි.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලකුණු 126 ක් රැස්කිරීමට සමත්විය. මෙය නවසීලන්ත කණ්ඩායමක් ඉන්දියාව හමුවේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව විය.
පළමු පන්දුවෙන්ම හයේ පහරක් එල්ල කරමින් මාටින් ගප්ටිල් ඉනිම ඇරඹුවද, දෙවැනි පන්දුවෙන් ඔහුගේ ඉනිම අවසන්වීමත් සමග නවසීලන්ත ඉනිම ආරම්භයේදීම ඇදවැටුණද, කිසිදු පිතිකරුවෙකුට ගොඩනැංවීමට නොහැකිවූ එම ඉනිම වෙනුවෙන් ක්‍රියාත්මක වූ කුරේ ඇන්ඩර්සන් අත්‍යවශ්‍ය ලකුණු 34 ක් ඉනිමට දායක කළේය. ඊට අමතරව ඇන්ඩර්සන්, මාටින් ගප්ටිල් සමගින් පස්වැනි කඩුල්ලට ලකුණු 28 ක සබඳතාවක් ගොඩනගා තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් දක්වා ඉනිම රැගෙන ආවේය. ඊට අමතරව අවසන් පන්දුවාර කිහිපයේ ක්‍රියාත්මක වූ ලූක් රොන්චි නොදැවී ලකුණු 21 ක් රැස්කළ අතර, ඒ සඳහා ඔහු වැයකළේ පන්දු 11 ක් පමණි. තරගයේ වීරයා ලෙස තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ මිචෙල් සැන්ට්නර් සම්මාන දිනාගත්තේය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව