සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු තුනකින් පරාජය කර වයස 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දැන් (11දා) සමත්විය.
මීර්පූර්හි ශෙර් බංග්ලා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 226 ක් රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායම තරගයේ 48.4 වැනි පන්දුවාරයේදී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමඟ කොදෙව් කණ්ඩායම එළබෙන 14 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට ඉන්දියාව සමගින් තරගවැදීමට සුදුසකම් ලබාගත්හ. මෙහි තෙවැනි ස්ථානය සඳහා පැවැත්වෙන තරගය සෙනසුරාදා (13දා) ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වේ.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව