පසුගිය රජය යටතේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සිදු වී ඇතැයි කියනු ලබන අක්රමිකතාවයන් පිළිබඳව සකස් කළ වාර්තාව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතාට අද (24දා) බාර දෙල ලදී.
අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබීය. එහි සභාපති ලෙස ධර්මසේන දිසානායක මහතාත් කමිටු සාමාජිකයින් ලෙස එන්. සද පද්මනාදන් හා රුස්ලි හුසේන් යන මහත්වරුන් කටයුතු කළහ.