ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයන් අතර සම තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ධනංජය සිල්වා සමත්වූයේය.
ඒ බංග්ලාදේශයට එරෙහිව මේ වන විට ක්‍රියාත්මක වන ටෙස්ට් තරගයේදීය. සිය 12 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ධනංජය මේ වන වින විට නොදැවී ලකුණු 156* රැස්කරගෙන සිටින අතර ඒ අනුව ඔහු ඉනිම 23කින් ලකුණු 1000 (1002) සම්පූර්ණ කළේය.
රොයි ඩයස් (1982), මයිකල් වැන්ඩොට් (2008) මිට පෙර ඉනිම 23කදී ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයන් අතර සිටියහ.
මහේල ජයවර්ධන (24), තිලාන් සමරවීර (24), කුමාර් සංගක්කාර (25), දිනේෂ් චන්දිමාල් (25) අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් ලකුණු 1000 සම්පූර්ණ කළ ක්‍රීඩකයෝ වෙති.