අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද (07දා) නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පියවර දෙකක් පසුබැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු සිදුකළ ගණනය කිරීම් අනුව පස්වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම හත්වැනි ස්ථානය දක්වා පහතට වැටී ඇත.
කෙසේ නමුත් මෙහි පළමු ස්ථාන හතරෙහි වෙනසක් සිදුව නොමැති අතර, එම ස්ථානයන්හි පිළිවෙළින් දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා පාකිස්තානය පසුවෙයි. ඊට අමතරව ශ්‍රී ලංකාව පරාජය කර තරගාවලිය ජයක් ලැබූ නවසීලන්ත කණ්ඩායම හත්වැනි ස්ථානයේ සිට නව ශ්‍රේණිගත කිරීම් අනුව පස්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
මීට අමතරව ටෙස්ට් පිතිකරුවන් අතර අංක එකෙහි පසු වූ කුමාර් සංගක්කාරද නැවත වතාවක් අංක 2 දක්වා පසුබැස ඇත. නවසීලන්තයට එරෙහි තරගාවලියේදී ඔහු ද්විත්ව ශතකයක් (203) වාර්තා කළද සංගක්කාර සමස්ත තරගාවලිය තුළ රැස්කරනු ලැබූවේ ලකුණු 215 (1, 6, 203, 5) ක් පමණි. මෙහි පෙරමුණ දකුණු අප්‍රිකාවේ ඒ.බි. ඩිවිලියර්ස්ට හිමිව ඇති අතර, ඔහු නිමාවූ බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහි තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉදිරියට පැමිණීමට හේතුවී ඇත. ඇන්ජලෝ මැතිව්ස් සිව්වැනි ස්ථානයේ රැඳී සිටින අතර, පසුගියවර ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු යවන්නන් අතර දෙවැනි ස්ථානයේ පසුවූ රංගන හේරත් නව ශ්‍රේණිගත කිරීම්වලට අනුව තුන්වැනි ස්ථානය දක්වා පසුබැස ඇත.
නව කණ්ඩායම් වර්ගීකරණය
කණ්ඩායම තරග/ප්‍රසාද ලකුණු
1. දකුණු අප්‍රිකාව 31/124
2. ඔස්ට්‍රේලියාව 35/117
3. එංගලන්තය 39/104
4. පාකිස්තානය 30/103
5. නවසීලන්තය 37/99
6. ඉන්දියාව 29/96
7. ශ්‍රී ලංකාව 34/96
8. බ.ඉ. කොදෙව් 30/76
9. බංග්ලාදේශය 21/32
10. සිම්බාබ්වේ 13/18
ටෙස්ට් පිතිකරුවන් දසදෙනා
1.ඒ.බී. ඩිවිලියර්ස් (ද.අප්‍රිකාව/ 893)
2. කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකව/891)
3. හෂීම් අම්ලා (ද. අප්‍රිකාව/887)
4. ඇන්ජලෝ මැතිව්ස් (ශ්‍රී ලංකාව/877)
5. ස්ටීවන් ස්මිත් (ඔස්ට්‍රේලියාව/853)
6. ශිවනාරින් චන්ද්‍රපෝල් (බ.ඉ. කොදෙව්/848)
7. යුනිස් ඛාන් (පාකිස්තානය/818)
8. ඩේවිඩ් වෝනර් (ඔස්ට්‍රේලියාව/815)
9. ජෝ රූට් (එංගලන්තය/789)
10. මිස්බා උල් හක් (පාකිස්තානය/777)
ටෙස්ට් පන්දු යවන්නන් දසදෙනා
1. ඩේල් ස්ටේන් (ද.අප්‍රිකාව/906)
2. රයන් හැරිස් (ඔස්ට්‍රේලියාව/851)
3. රංගන හේරත් (ශ්‍රී ලංකාව/842)
4. වර්නන් පිලැන්ඩර් (ද. අප්‍රිකාව/822)
5. මිචෙල් ජොන්සන් (ඔස්ට්‍රේලියාව/812)
6. ජේම්ස් ඇන්ඩර්සන් (එංගලන්තය/806)
7. ට්‍රෙන්ට් බෝල්ට් (නවසීලන්තය/805)
8. ස්ටුවර්ට් බ්‍රෝඩ් (එංගලන්තය/774)
9. ටිම් සවුති (නවසීලන්තය/767)
10. කෙමර් රොච් (බ.ඉ. කොදෙව්/766)