සංගාගේ සරේ කඩුලු 04 ක ජයක් ලබයි
එංගලන්තයේ පැවැත්වෙන නැට්වෙස්ට් බ්ලාස්ට් පන්දුවාර විස්සයි20 ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01දා) රාත්‍රියේ පැවැති තරගයකින් ග්ලව්සෙස්ටර්ශෙයර් කණ්ඩායම පරාජය කර කඩුලු 04 ක ජයක් ලැබීමට කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම සමත්විය.
ලන්ඩන්හි කෙනිග්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලව්සෙස්ටර්ශෙයර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ ලකුණු 154/5 ක් රැස්කිරීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සරේ පිතිකරුවෝ ලකුණු 155 ක ජයග්‍රාහී ඉලක්කය ඉනිමේ අවසන් පන්දුවේදී පසුකර යාමට සමත්විය. සරේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමෙන් දක්ෂතා දැක්වූ කුමාර් සංගක්කාර පන්දු 33කදී ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය. අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ලකරමින් සරේ ජයග්‍රහණය තහවුරු කළ අසාර් මහමුද් තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේය.
එළඹෙන ඉන්දීය තරගාවලියෙන් පසු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම තහවුරු කර ඇති සංගක්කාර, පාකිස්තානු කණ්ඩායම සමගින් හෙට (03දා) පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයට සහභාගී නොවේ.
ග්ලෝසෙස්ටර්ෂයර් 154/5 (පන්දුවාර 20)
පීටර් හැන්ඩ්ස්කොම්බ් 39 (36), ගෙරන්ට් ජෝන්ස් 37* (31), හමිෂ් මාෂල් 32 (20), ඉයන් කොක්බෙන් 31 (17), මැට් දුන් 2/15 (2), ගෙරත් බැටී 1/20 (4)
සරේ 155/6 (පන්දුවාර 20)
කුමාර් සංගක්කාර 34 (33), ජේසන් රොයි 33 (17), බෙන් ෆොක්ස් 27 (26), අසාර් මහමුද් 22* (14), ටොම් ස්මිත් 2/24 (4), ජැක් ටේලර් 1/22 (4)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

