එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ (LV= County Championship Division Two) සරේ ක්‍රීඩා සමාජය නියෝජනය කරන කුමාර් සංගක්කාර ශතකයක් වාර්තාකිරීමට ඊයේ (16දා) සමත්විය. ලැන්කශෙයර් (Lancashire) ක්‍රීඩා සමාජය සමග පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ඔහු මෙම ශතකය රැස්කළේය.
මැන්චෙස්ටර්හි ඔල්ඩ් ට්‍රැෆඩ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ තෙවැනි දිනය වූ ඊයේ දිනයේදී ලකුණු 118 ක් රැස්කිරීමට සංගක්කාර සමත්වූ අතර, පන්දු 134කදී ගොඩනැගුණු ඔහුගේ එම ඉනිමට හතරේ පහර 15ක් අන්තර්ගත විය.
පසුගිය සඳුදා (14දා) ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුට පහරදුන් සරේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 480 ක් රැසක්රීමට සමත්විය. මෙම ඉනිමේ පන්දු 19කට මුහුණදුන් සංගක්කාරට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 09 ක් පමණි.
කෙසේ නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ලැන්කශෙයර් කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ සියල්ලන් දැවී ලකුණු 272ක් පමණි.
ඉන් අනතුරුව ලකුණු 208ක වාසියත් සමඟ නැවතත් දෙවැනි ඉනිම ආරම්භ කළ සරේ පිතිකරුවෝ එම ඉනිමට කඩුලු 07ක් දැවී ලකුණු 283 ක් රැස්කර ඉනිම අත්හිටුවීය. ඒ අනුව ප්‍රතිවාදී ලැන්කශෙයර් කණ්ඩායමට ලකුණු 492 ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවූ අතර, එයට පිළිතුරු ලෙස ඊයේ (16දා) දිනය නිමාවන විට ඔවුන් කිසිවෙකුත් නොදැවී ලකුණු 22 ක් රැස්කරගෙන සිටියේය. ඒ අනුව අද දිනය තුළ ලැන්කශෙයර් කණ්ඩායම ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 470 ක් රැස්කළ යුතුව ඇත.
සරේ පළමු ඉනිම