ජාත්‍යන්තර පිටියෙන් කුමාර් සංගක්කාර සමුගත් හෙයින් ඉන්දියාව හා පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය සඳහා වමත් පිතිකරු උපුල් තරංග කණ්ඩායමට කැඳ වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. තෙවැනි ටෙස්ට් තරගය හෙට (28දා) පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.