එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය සඳහා සරේ කණ්ඩායම නියෝජනය කරමින් එක්වූ ශ්රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මුහුණ දුන් පළමු තරගයෙන්ම ශතකයක් වාර්තා කිරිමට සමත්විය. එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය ආරම්භවූයේත් ඊයේ (19දා) ය. සංගා ග්ලැමෝගන් කණ්ඩායම එරෙහිව පැවැති තරගයේදී මෙම දක්ෂතාව දැක්වූ අතර දිනය අවසන් කරන විට ඔහු නොදැවී ලකුණු 112ක් රැස්කරගෙන සිටියේය.
ඊට අමතරව වෝෂෙස්ටර්ෂයර් කණ්ඩායම නියෝජනය කරන සචිත්ර සේනානායක පන්දු යැවීමෙන් කඩුලු දෙකක් දවා ගැනීමටත් සමත්විය. ඔහු සසෙක්ස් කණ්ඩායමට එරෙහිව මෙම දක්ෂතාව දැක්වීය.
ඔවුන් දෙදෙනාට අමතරව තිලකරත්න ඩිල්ෂාන් ඩර්බිෂයර් කණ්ඩායමටත්, මහේල සසෙක්ස් කණ්ඩායමටත් ගිවිසුම්ගත වුවත් ඊයේ පැවැති තරග සඳහා ඔවුන් දෙදෙනා සහභාගී නොවීය.