සංගා හා හේරත් ක්‍රිකට් පිටිය අලුත් කරති
                                 -  16 08 2014 
                                 -  20:43
                                 - {{hitsCtrl.values.hits}} views
                                  - රුවන් කාශ්‍යප 
                                
                            
                        
                        පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට ක්‍රිකට් පිටියේ වාර්තා රාශියක් අලුත් විය. මේ එයින් බිඳකි.
- ටෙස්ට් ඉතිහාසයේ එක් පන්දු යවන්නෙකුට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරු කුමාර් සංගක්කාර, අජ්මාල්ට එරෙහිව ලකුණු 530*
- පාකිස්තානයට එරෙහිව වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා රංගන හෙරත් කඩුලු 83*
- 21 වැනි ශතවර්ෂයේදි එක් ඉනිමකදී කඩුලු 9ක් දවාගත් දෙවැනි පන්දුයවන්නා රංගන හේරත්ය. මීට ඉහතදී මුරලිදරන් එම දක්ෂතාව දක්වා තිබුණි.
- වමත් දගපන්දු යවන්නෙකු විසින් සිය රටේදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා රංගන හේරත් කඩුලු 162
- ටෙස්ට් ඉතිහාසයේ කඩුලු 250 සීමාව පසුකළ සිව්වැනි වමත් දග පන්දු යවන්නා රංගන හේරත් කඩුලු 251
- ටෙස්ට් ලකුණු 12000 සීමාව පසුකිරිම සඳහා සංගක්කාරට තවත් ලකුණු 17ක් අවශ්‍යවෙයි. එම කඩඉම පසුකළහොත් වේගයෙන්ම ලකුණු 12000 පසුකළ පිතිකරු ලෙස සංගා වාර්තා අතරට එක්වෙයි.
- මහේල හා සංගාගේ ටෙස්ට් ලකුණු සබඳතාවය ලකුණු 6545ක් වන අතර එය පිතිකරුවන් දෙදෙනෙක් ටෙස්ට් තරගවදී වාර්තා කර ඇති දෙවැනි ඉහළම ලකුණු සබඳතාවය වෙයි.
	.jpg) 
ඡායාරූපය ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                