එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර එම තරගාවලිය යටතේ මේ වසරේ වාර්තා කළ 8 වැනි ශතකයත් වාර්තා කිරීමට ඊයේ (20දා) සමත්විය.
සරේ කණ්ඩායම හා සමර්සෙට් කණ්ඩායම අතර පැවැත්වෙන් තරගයේදී ඔහු මෙම ශතකය වාර්තා කළ අතර ඊයේ දිනයට තරගය නිමා කරන විට සංගා නොදැවී ලකුණු 119ක් රැස්කරගෙන සිටියේය.
සමර්සෙට් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 269ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සරේ කණ්ඩායම කඩුලු 6ට ලකුණු 328ක් රැස්කරගෙන සිටියි.
සරේ කණ්ඩායම වෙනුවෙන් ඉනිම 13කදී ලකුණු 1396ක් රැස්කරගෙන ඇති සංගාගේ සාමාන්‍යය 124.45ක් ලෙස සටහන් වෙයි.
මේ වසරේදී සරේ කණ්ඩායම වෙනුවෙන් සංගා ලකුණු රැස්කළ අයුරු.
71, 46,136,105,114,120,200,84,4,26,180*,164,119*