ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි20 ලේක කුසලාන තරගාවලියේදී පාකිස්තාන කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර බඳවා ගැනීම පිළිබඳව පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
නිමා වූ පාකිස්තාන සුපර් ලීග විස්සයි20 තරගාවලියටත් ඔහු ක්රීඩා කරනු ලැබීය.
"අපි සංගක්කාරගේ නම උපදේශකයෙකු ලෙස සලකා බලමිනුයි ඉන්නේ. නමුත් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නෑ. අපි මුලින්ම බලන්න ඕන කණ්ඩායමට ඔහු එක්වීම හරහා කුමන ශක්තියක්ද ලැබෙන්නේ කියා" යැයි පාකිස්තාන ක්රිකට් සභාපති ශර්යාර් ඛාන් සඳහන් කරයි.