ශ්රී ලංකා කණ්ඩායමේ හිටපු ක්රීඩකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන නොමැතිව ශ්රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශයට අපහසු වෙනු ඇති බව ශ්රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක තිසර පෙර්රා සඳහන් කරයි.
ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලිය පිළිබඳව කළ අදහස් දැක්වීමකදී ඔහු මෙම අදහස් දැක්වීය. එසේම තමන් පසුගිය වසරේදී හොඳින් පන්දු නොයැවූ බවත් එම ගැටලුව ඉදිරියේදී සකස්කර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.
"මම ඇත්තටම විස්සයි20 හා එක්දින තරග ක්රීඩා කරන්න කැමතියි. නමත් මම ටෙස්ට් තරග 7 (06) ක් ක්රීඩා කරන තිබෙනවා. මම ටෙස්ට් තරග ක්රීඩාකරන්න කැමතියි. මගේ පිතිකරණ රටාව තමයි වේගයෙන් පනිදුවට පහර දීම. නමුත් මම දැන් වෙනස් වෙනවා. මම දැන් දිගුකාලයක් පිතිකරණයේ ඉන්න හඳන්නේ. හැම පන්දුවකටම පහර දෙන්නේ නෑ. පසුගිය වසරේ මම හොඳින් පන්දු යැව්වේ නෑ. මම දන්නේ නෑ ඒ අැයි කියලා. ඒක තාක්ෂණික ගැටලුවක්ද කියලා මම දන්නේ නෑ. නමුත් මම පන්දුයැවීම හදා ගැනීමට කටයුතු කරනවා."