ලෝක කුසලානයෙන් පසුව පවා කුමාර් සංගක්කාර තවදුරටත් ක්‍රීඩා කරනවානම් තමන් කැමති බව ශ්‍රී ලංකා හිටපු නායක, තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.
එසේම ලෝක කුසලාන තරගාවලියේදී අඛණ්ඩව ශතක හතරක් වාර්තා කිරිම ඇදහිය නොහැකි දෙයක් බවත්, ඒ සියලු ශතක රැස්කරන අවස්ථාව බලාගැනීමට තරම් තමන් වාසනාවන්ත වූ බවද ඔහු කීවේය.
තේරීම් කමිටු සභාපති ලෙස තමන්ට අවශ්‍ය වන්නේ ඔහු මෙම රිද්මය ලෝක කුසලාන තරගාවලිය පුරාම රඳවා ගැනීම බවද සනත් සඳහන් කරයි.
2000 වසරේදී කණ්ඩායමට එක්වූ කුමාර් සංගක්කාර මහන්සියෙන් වැඩ කළ බවත්, ඔහුට හැමදාම සිය දක්ෂතා ඉහළ නංවාගැනීමට අවශ්‍ය වූ බවත් සනත් සඳහන් කරයි.
මෙය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගාවලිය වුවත් සංගා මානසිකව ශක්තිමත් බවත්, හැම දෙයක්ම හොඳට කිරිමට ඔහුට අවශ්‍යතාවක් පවතින බවත් සනත් පවසයි.
1996 වසරේදී ලෝක කුසලාන තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම හා මෙවර ලෝක කුසලානයට එක්ව තිබෙන කණ්ඩායම අතර සමානතා තිබෙන බව පවසන සනත්, එදා අර්ජුණ රණතුංගට හා අරවින්දද සිල්වාට සංගා හා මහේල සමාන කළ හැකි බවත් පවසයි.
යාහූ ඇසුරෙනි