එක්දින ක්රිකට් පිටියේ සිය 22 වැනි ශතකය වාර්තා කිරිමට කුමාර් සංගක්කාර අද (26දා) සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදීයි. සංගා සිය එක්දින දිවියේ 400 වැනි තරගයට අද ක්රීඩා කරන අතර ඔහු පන්දු 74කින් ශතකය රැස්කළා. එය ඔහුගේ එක්දින දිවියේ වේගවත්ම ශතකයද වෙනවා.
එසේම ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් සිය එක්දින දිවියේ තෙවැනි වතාවට ලකුණු 150 සීමාව පසුකර යාමටත් සමත්වුණා.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී ලකුණු 332ක් රැස්කළා. සංගා හා ඩිල්ෂාන් දෙවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 210ක සබඳතාවක්ද ගොඩ නැගුවා.
තිරිමාන්න 52
ඩිල්ෂාන් 161*
සංගා 105*