සංගා 13000 සමාජයට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර තම එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 13000 සීමාව පසුකිරීමට මීට සුළු වේලාවකට පෙර සමත් විය. සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී සංගා මෙම කඩයිම පසුකර ගිය අතර, අද තරගයට පෙර ඔහු මෙම කඩඉමට ලකුණු 13ක් පසුපසින් සිටියේය.
සංගාට පෙර ජාත්‍යන්තර පිටියේ පිතිකරුවන් තිදෙනෙකු මෙම කඩඉම පසුකර ඇති අතර, ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් (18426) එහි ඉදිරියෙන්ම සිටියි. ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් (13704) දෙවැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය (13430) එහි තෙවැනි ස්ථානයේ පසුවෙති.
එමෙන්ම එක්දින තරග 385 කට ක්‍රීඩාකර ඇති සංගක්කාර මේ වනවිට ශතක 19 ක් හා අර්ධ ශතක 88 රැස්කරගෙන සිටින අතර, ලොව පිතිකරුවෙකු වාර්තාකර ඇති දෙවැනි වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව මෙය වේ. සචින් තෙන්ඩුල්කාර් (96) එහි ඉදිරියෙන් සිටියි.
ඡායාරූප ශාන්ත රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

