එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිමාවූ මාස්ටර්ස් චැම්පියන්ස් ලීග තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර හා මුත්තයියා මුරලිදරන් ක්‍රීඩා කරන ජෙමිනි ඇරබින්ස් කණ්ඩායම සමත්වූයේය.
තරගාවලියේ අවසන් මහ තරගය ඊයේ (13දා) ඇරබියන්ස් කණ්ඩායම හා ලියෝ ලයන්ස් කණ්ඩායම අතර ඩුබායි ජාත්‍යන්තර පිටියේදී පැවැතියේය.
කාසියේ වාසිය දිනාගත් ලයන්ස් නායක බ්‍රයන් ලාරාගේ ඇරයුමෙන් විරේන්ද්‍ර ශෙවාග්ගේ නායකත්වයෙන් යුත් ඇරබියන් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් පන්දුවාර 20 තුළදී කඩුලු හතට ලකුණු 130ක් රැස්කළේය. කුමාර් සංග්කාර හා ජස්ටින් කෙම්ප් ඇරබියන්ස් ඉනිම ශක්තිමත් කළහ.
ලකුණු 131ක පහසු ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ලයන්ස් කණ්ඩායම ලකුණු 114ට සීමා කිරීමට ඇරබියන්ස් කණ්ඩායම සමත්වූයේය. ඇරබියන්ස් කණඩායමේ නාවඩ් අල් හසන් ලකුණු 9ට කඩුලු හතරක් දවාගනිමින් ලියෝ කණ්ඩායම විනාශ කළේය. මුරලිට දවාගත හැකිවූයේ එක් කඩල්ලක් පමණි.
ඇරබියන්ස් කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය පුරාම පිත්තෙන් දක්ෂතා දැක්වූ කුමාර් සංගක්කාරට තරාගවලියේ වීරයා සම්මානය හිමිවිය. තරගයේ වීරයා සම්මානය නවඩ් අල් හසන් සමත්විය.
තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ ක්‍රීඩකයා වූයේ කුමාර් සංගක්කාරය ඔහු තරග හතකදී ලකුණු 386ක් රැස්කළේය. ශෙවාග් (318) හා මහේල ජයවර්ධන (299 ) දෙවැනි හා තෙවැනි ස්ථානවල පසුවූහ. වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකාවේ මුරලිය. ඔහු තරග හයකදී කඩුලු 15ක් දවාගත්තේය.
ඇරබියන්ස් කණ්ඩායම130/7 (පන්දුවාර 20)
ජස්ටින් කෙම්ප් 32 (පන්දු 29), සංගක්කාර 30 (පන්දු 26), රිචඩ් ලීවි 21 (පන්දු 29), ස්කොට් ස්ටයිරිස් 18/2 (පන්දුවාර 4), ෆිඩෙල් එඩ්වර්ඩ්ස් 27/2 (පන්දුවාර 4)
ලයන්ස් කණ්ඩායම 114/10 (පන්දුවාර 19.3)
හමීෂ් මාශල් 46 (පන්දු 40), බ්‍රයන් ලාරා 28 (පන්දු 25), රොබින් පීටර්සන් 15 (පන්දු 9), නාවඩ් අල් හසන් 9/4 (පන්දුවාර 4), මුරලිදරන් 24/1 (පන්දුවාර 4)