එංගලන්තයේදී එළඹෙන ජුනි මස ආරම්භ වන චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තානාපතිවරයෙකු ලෙසශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරපත්කර ඇත.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී.)මගින් පසුගියදා (12දා) සිදුකරන ලද මෙම පත්කිරීම් අතර සංගක්කාරට අමතරව තවත් ක්‍රීඩකයන් 07 දෙනෙකු නම්කර ඇත. එම ක්‍රීඩකයන් සියලු දෙනා ඒ ඒ රටවල ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය වෙනුවෙන් අදාළ පත්කිරීම් සිදුකර ඇත.
ඒ අනුව සංගක්කාරට අමතරව ක්‍රිකට් පිටියෙන් සමුගත් පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩි,බංග්ලාදේශයේ හබිබුල් බෂාර්,නවසීලන්තයේ ෂේන් බොන්ඩ්, ඔස්ට්‍රේලියාවේ මයිකල් හසී, ඉන්දියාවේ හර්බජාන් සිං හා දකුණු අප්‍රිකාවේ ග්රැහැම් ස්මිත් එම තානාපති කණ්ඩායමට අයත් වෙති.
මේ දක්වා පැවැති චැම්පියන්ස් කුසලාන තරගාවලි තුළදී මොවුන් අතරින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට කුමාර් සංගක්කාර සමත් වී ඇති අතර,ඔහු චැම්පියන්ස් කුසලාන06කදී (2000,2002,2004,2006,2009,2013) ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත.
අයි.සී.සි. චැම්පියන්ස් කුසලාන තරගාවලිය එළඹෙන ජුනි 01වැනිදා සිට 18 වැනිදා දක්වා එංගලන්තයේදී හා වේල්සයේදී පැවැත්වීමට නියමිතව ඇත.