කෝපා සුඩාමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගටය ක්‍රීඩා කිරිම සඳහා ෂෙපෙකෝඑන්සි ක්‍රීඩකයන් ගමන් ගත් ගුවන් යානය අනතුරට පත්විමෙන් එම කණ්ඩායමේ ක්‍රීඩකයන් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
මෙය බොහෝ පිරිසකගේ කම්පනයට ලක්වූ සිදුවීමක් වුණා. කෙසේ වෙතත් අවසානයේදී කෝපා සුඩාමෙරිකා පාපන්දු කුසලානය මෙවර ෂෙපෙකෝඑන්සි ක්‍රීඩා සමාජයට පිරිනැමීමට දකුණු අමෙරිකානු පාපන්දු සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට ත්‍යාග මුදල් වශයෙන් ඩොලර් මිලියන 2ක්ද හිමිවෙනු ඇත.
ඔවුන් සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ ඇට්ලෙටිකෝ නැෂනල් කණ්ඩායමට අනුශූරතාව හා ඩොලර් මිලියනයක් හිමිවුණා. මේ පිළිබඳව අදහස් දැක්වූ ෂෙපෙකෝඑන්සි ක්‍රීඩා සමාජයේ උප සභාපති ඉවැන් ටොසෝ පැවැසුවේ තීරණය සාධාරණ බවත් තරගය පැවැත්වූවානම් ෂෙපොකෝඑන්සි ක්‍රීඩකයන් ශූරයන් බවට පත්වෙනු ඇති බවයි.