පාකිස්තාන කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක යසීර් ෂා හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අදත් අසාර්ථක විය. පල්ලෙකැලේ පිටියේ පැවැත්වෙන තීරණාත්මක තෙවැනි ටෙස්ට් තරගය පළමු දිනයට නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ායමට කඩුලු 8කට ලකුණු 272ක් රැස්කරගෙන සිටියි.
ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටුණු කඩුලු 8න් හතරක්ම ෂා ගේ විය. මෙම තරගයේදී දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකය වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි්යට ගෙන ආවේය. ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළ මුලු ලකුණු සංඛ්‍යවෙන් දිමුත් රැස්කළ ලකුණු ප්‍රමාණය බාගයකට ආසන්නය.
වසර 8කට පසුව නැවතත් ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් හිමිකර ගැනිමට ජෙහාන් මුබාරක් සමත්විය. සංගා වෙනුවට කණ්ඩායමට කැඳවූ උපුල් තරංග ලකුණු 46ක් රැස්කළේය.
ඡායාරූප - ශාන්ත රත්නායක