(UPDATE) තිලකරත්න ඩිල්ෂාන්ගේ වේගවත් පිතිකරණයත්, අජන්ත මෙන්ඩිස්ගේ ඉවසිලිවන්ත හේතුවෙන් සංචාරක කොදෙව් කණ්ඩායම පරදා දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද (01දා) දිවාරාත්‍රී තරගයක් ලෙසින් පැවැත්විණි. වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 26කට සීමාවිය.
ලකුණු 163ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 24.5 කදී කඩුලු 9 කට එම ඉලක්කය පසුකර ගියේය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස තිලකරත්න ඩිල්ෂාන් මුලු ලකුණු සංඛ්‍යාව 104දී දැවී යනවිට පන්දුවාර 13.1කදී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබුණේ ලකුණු 58ක් පමණි. කෙසේ වෙතත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ වැටීම ආරම්භවූ අතර, තරගයේ 19 වැනි පන්දුවාරය යොමුකළ සුනිල් නාරීන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 03ක් දවාගනිමින් ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කළේය. නමුත් මෙන්ඩිස් හා සචිත්ර සේනානායක අටවැනි කඩුල්ලට ලකුණු 19ක සබඳතාවක් ගොඩනගමින් තරගය ශ්‍රී ලංකා කණඩායම දෙසට ගෙනාහ. එහෙත් 24 වැනි පන්දුවාරයේදී නැවතත් සචිත්ර හා මාලිංග දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය ඈත් වුවත් ජොන්සන් චාලස්ගේ නිපන්දුවට හිමි වූ නිදහස් පහරින් ලකුණු හයක් වාර්තා කර, ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමට මෙන්ඩිස් සමත්විය.
වර්ෂාව හේතුවෙන් පැයක පමණ ප්‍රමාදයකින් පසුව තරගය ඇරඹුණු අතර, කාසියේ වාසිය දිනාගත් ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් පිටියට පිවිසි කොදෙව් කණ්ඩායම පන්දුවාර 14.2ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 40ක් රැස්කරගෙන සිටියදී නැවතත් වර්ෂාව හේතුවෙන් තරගය පැය කිහිපයකට ප්‍රමාද විය.ඒ අනුවපන්දුවාර 26 අවසානයේදී කොදෙව් කණ්ඩායම කඩුලු අටකට ලකුණු 159ක් රැස්කළේය.
මෙම තරගයේදී ෂෙහාන් ජයසූරිය හා ධනුෂ්ක ගුණතිලක එක්දින වරම්හිමි කරගත්හ.
ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලියේදී එහි ඉෂාන්ත් ශර්මා හා ඇතිකරගත් උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් චන්දිමාල්ට මෙම තරගය ක්‍රීඩාකිරීම තහනම් විය. මෙම තරගයේදී ඩිල්ෂාන් සිය වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 25ක් වැය කරමිනි.තරගයේ වීරයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් සම්මාන ලැබීය.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගය එළැඹෙන 04දා ආර්. ප්‍රේමදාස පිටියේදීම පැවැත්වීමට නියමිතය.
කොදෙව් කණ්ඩායම 159/8 (පන්දුවාර 26)
ඇන්ඩ්‍රේ රසල් 41 (පන්දු 24, 4x3, 6x3), ජේසන් හෝල්ඩර් 36 (පන්දු 13, 4x2, 6x3), ඩැරන් බ්රාවෝ 38 (පන්දු 58, 4x3, 6x1), සුරංග ලක්මාල් 15/3 (පන්දුවාර 5), අජන්ත මෙන්ඩිස් 46/2 (පන්දුවාර 4)
ශ්‍රී ලංකා කණ්ඩායම 164/9 (පන්දුවාර 24.5)
තිලකරත්න ඩිල්ෂාන් 59 (පන්දු 31, 4x6, 6x3), අජන්ත මෙන්ඩිස් 21 (නොදැවී) (පන්දු 20 , 4x1, 6x1), සුනිල් නාරීන් 21/3 (පන්දුවාර 06), කාලෝස් බ්‍රැත්වෙයිට්35/2 (පන්දුවාර 05), ජොනතන් කාටර් 14/2 (පන්දුවාර 2.1)
කොදෙව් කණ්ඩායම පන්දුවාර 14.2ක් අවසානයේදී කඩුලු තුනකට ලකුණු 40ක් රැස්කරගෙන සිටියදී නැවතත් වර්ශාව ඇඳ වැටුණ හෙයින් තරගය පැය කිහිපයකට ප්‍රමාද වූ අතර ඒ හේතුවෙන් පන්දුවාර 26කට තරගය සීමා විය.
ඒ අනුව සිය පන්දුවාර 26 අවසානයේදී කඩුලු අටකට ලකුණු 159ක් රැස්කරනු ලැබීය. ඇන්ඩ්‍රේ රසල් හා ජේසව් හෝල්ඩර් වේගවත් ඉනිම් දියත් කරමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළහ. සුරංග ලක්මාල් හා වසරකට ආසන්න කාලයකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ අජන්ත මෙන්ඩිස් කඩුලු පහක් බිඳහෙළීය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 163ක ඉලක්කයක් හිමිවිය.
කොදෙව් කණ්ඩායම 159/8 (පන්දුවාර 26)
ඇන්ඩ්‍රේ රසල් 41 (පන්දු 24, 4x3, 6x3), ජේසන් හෝල්ඩර් 36 (පන්දු 13, 4x2, 6x3), ඩැරන් බ්රාවෝ 38 (පන්දු 58, 4x3, 6x1), සුරංග ලක්මාල් 15/3 (පන්දුවාර 5), අජන්ත මෙන්ඩිස් 46/2 (පන්දුවාර 4)
කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයට නැවතත් වර්ශාවෙන් බාධා ඇතිව තිබේ. තරගයේ මුලින්ම පන්දුවට පහරදෙමින් සිටින කොදෙව් කණ්ඩායම මේ වන විට කඩුලු තුනක් දැවී ලකුණු 40ක් රැස්කරගෙන සිටියි.
දැවී ගිය ක්‍රීඩකයින් - ඇන්ඩෘ ෆලෙචර් 03, ජොන්සන් චාලස් 01, මාලන් සැමුවෙල්ස් 02
මෙම කඩුලු ත්‍රිත්වයම සුරංග ලක්මාල් විසිල් ලබාගත්තේය.
ඩැරන් බ්‍රාෙවා් 19, ජොනතන් කාටර් 08 නොදැවී පිටියේ රැඳි සිටිති.
ඡායාරූප ශාන්ත රත්නායක
කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මුලින්ම පන්දු රැකීමට තිරණය කළේය.
මෙම තරගයේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෙහාන් ජයසූරිය හා ධනුෂ්ක ගුණතිලක එක්දින වරම් ලැබූහ. වර්ශාව හේතුවෙන් තරගයේ ආරම්භය විනාඩි 70ක් පමණ ප්‍රමාද වුවත් එය පන්දුවාර 50 තරගයක් ලෙසින්ම පැවැත්වේ.