ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය ආරම්භ කරමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා ගියවර ශූරතාව දිනූ කොල්කාටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැති පළමු තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කිරීමට කොල්කටා කණ්ඩායම සමත්විය. තරගය ඊයේ (08දා) රාත්රියේදී කෝල්කටාහි ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්විණි.
කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩරස් කණ්ඩායමේ ඇරයුමෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදුන්නේය. මුම්බායි කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 37කදී දවාගැනීමට කොල්කටා පන්දු යවන්නන් සමත්වුවත් ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි නායක රෝහිත් ශර්මා හා කුරේ ඇන්ඩර්සන් සිවුවැනි කඩුල්ල සඳහා නොබිඳුණු ලකුණු 131ක සබඳතාවක් ගොඩනගමින් මුම්බායි ඉනිම ශක්තිමත් කළහ.
ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි කොල්කටා කණ්ඩායම පන්දුවාර 18.3 කදී ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. නායක ගෞතම් ගාම්භීර් හා මනීෂ් පාණ්ඩේ දෙවැනි කඩුල්ල සඳහා සාර්ථක ලකුණු 85ක සබඳතාවක් ගොඩනගමින් කොල්කටා ඉනිම ශක්තිමත් කළහ. කොල්කටා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වේගය ලබාදීමට සූර්ය කුමාර් යාදෙව් සමත්විය. තරගයේ වීරයා ලෙස මෝනි මෝකල් සම්මාන ලැබීය.
මුම්බායි ඉන්දියන්ස් 168/3 (පන්දුවාර 20)
රෝහිත් ශර්මා 98* (පන්දු 65, 4x12, 6x4)
කුරේ ඇන්ඩර්සන් 55* (පන්දු 41, 4x4, 6x3)
මොනි මෝකල් 18/2 (පන්දුවාර 4)
ශකීබ් අල් හසන් 48/1 (පන්දුවාර 4)
කොල්කටා නයිට් රයිඩර්ස් 170/3 (පන්දුවාර 18.3)
ගෞතම් ගාම්භීර් 57 (පන්දු 43, 4x7, 6x1)
සූර්ය කුමාර් යාදෙව් 40 (පන්දු 24, 4x2, 6x3)
සූර්යකුමාර් යාදෙව් 46* (පන්දු 20, 4x1, 6x5)
ලසිත් මාලිංග 27/0 (පන්දුවාර 4)