ඔලිම්පික් තරග සඳහා විස්සයි20 ක්‍රිකට් තරග ඇතුළත් කිරීම ගැන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයන් හා පැවති සාකච්ඡා ධනාත්මකව අවසන් වූ බවත් ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා බොහෝදුරට ක්‍රිකට් තරග ඇතුළත් කරගැනීමට හැකිවෙනු ඇති බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචඩ්සන් බී.බී.සී. රේඩියෝවට පවසා තිබේ.
2010 හා 2014 වසරේ පැවැති ආසියානු තරගාවලි සඳහා විස්සයි විස්ස ක්‍රිකට් තරග ඇතුළත් කර තිබූ අතර ඔලිම්පික් තරග ලැයිස්තු පිළියෙල කර අවසන් කිරීමට පෙර ක්‍රිකට් සඳහා අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය සියලු උත්සාහයන් දරන බව රිචඩ්සන් එහිදී පැවසීය.
“මෙම කාර්යය අපට පහසු නැහැ. ක්‍රිකට් ඇතුළත් කර ගැනීමට නම්, අපි ඔලිම්පික් කමිටුවේ නිර්දේශය හා අවශ්‍යතා ඉටුකර පෙන්විය යුතුයි.* යැයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ස්විට්සර්ලන්තයේ ලුසෑන්හිදී සාකච්ඡා පැවැති අතර ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක ඩේව් රිචඩ්සන් හා සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඩිස් සහභාගී වුණු අතර ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙනුවෙන් එහි ප්‍රධානී තෝමස් බැච් එක්ව තිබුණි.