ශාරුක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමක් හිමිකර ගනියි
දකුණු අප්‍රිකාවේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත විස්සයි 20ලීග ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක හිමිකාරිත්වය ඉන්දියාවේ සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් විසින් හිමිකරගෙන තිබේ.
කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ කේප් ටවුන් කණ්ඩායමේ හිමිකාරිත්වය ශාරුක් ඛාන් ලබාගෙන තිබේ. ශාරුක් ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වයද දරයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය මෙන් පැවැත්වීමට නියමිත තරගාවලියේ කණ්ඩායම්, හිමිකරුවන් හා ප්‍රධාන ක්‍රීඩකයන් ලන්ඩනයේදී එළි දැක්වීය.
ශාරුක්ට අමතරව දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන ජී.එම්.ආර්. සමාගමද දකුණු අප්‍රිකානු විස්සයි20 ලීග තරගාවලියේ කණ්ඩායමක හිමිකාරිත්වය ලබාගෙන තිබේ. කාගිසෝ රබාඩා ප්‍රධාන ක්‍රීඩකයා වශයෙන් පත්ව ඇති ජොහැන්නස්බර්ග් කණ්ඩායමේ හිමිකාරිත්වය මෙසේ ජී.එම්.ආර්. සමාගම ලබාගෙන තිබේ.
ඊට අමතරව පාකිස්තාන සුපර් ලීගයේ කණ්ඩායම්හි හිමිකරුවන් වන ෆාවඩ් රානා (ඩර්බන්), ජාවෙඩ් අෆ්රිඩී (බෙනෝනි) යන කණ්ඩායම් හිමිකරගෙන තිබේ.
ඉතිරි කණ්ඩායම් ඩුබායි, (පෝරට් එළිසබෙත්) හොංකොං (බ්ලොම්ෆොන්ටීන්) හා දකුණු අප්‍රිකනු ව්‍යාපාරිකයන් (ප්‍රෙටෝරියා හා ස්ටෙල්ලෙන්බෝෂ්) හිමිකරගෙන තිබේ.
ක්‍රීඩකයන් 400ක් පමණ තරගාවලියට එක්වීමට මේ වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර එහි ක්‍රීඩකයන් තෝරා ගැනීම අගෝස්තු මාසයේදි පැවැත්වීමට නියමිතය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

