ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රීනිවාසන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග පාවාදීම් පිළිබඳව වන පරීක්ෂණ අවසන් වන තෙක් නැවතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වයට පත්විය නොහැකි බවත්, එසේම තරගාවලියේ තරග පාවාදීම් පිළිබඳව චෝදනා එල්ලවූ පුද්ගලයන් 13 දෙනා අතර, ශ්‍රී නිවාසන්ද සිටින බවත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (16 දා) නැවතත් සඳහන් කළේය.
ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිත්වය නැවත ලබාදෙන ලෙසට ඉල්ලමින් ශ්‍රීනිවාසන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දිවුරුම් පෙත්සමක් ගොනු කළ අතර, එය ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ, මාර්තු 28 වැනිදා ලබාගත් අතුරු නියෝගය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන බවත්, ශ්‍රී නිවාසන්ට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කිසිදු කටයුත්තකට සහභාගී විය නොහැකි බවත්ය.