අයර්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු අයර්ලතයේදී දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට ශ්‍රී ලංකාවේ රෝයි ද සිල්වා සමත් විය. අයර්ලන්ත පන්දුවාර 40 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ ග්ලෙන්ඩමෝට්ස් කණ්ඩායම නියෝජනය කළ රෝයි, ක්ලිෆ්ට්ඔන්විලේ කණ්ඩායමට එරෙහිව පන්දු 91කදී නොදැවී ලකුණු 295 රැස්කිරීමට සමත් විය.
එය 120 වසරක අයර්ලන්ත ක්‍රිකට් ඉතිහාසයේ අර්ලන්තයේදී පිතිකරුවෙකු දැක්වූ ඉහළම දක්ෂතාව විය. රෝයිගේ ඉනිමට හයේ පහර 34 ක් හා හතරේ පහර 11 ඇතුළත් විය. ඔහු පළමු ශතකය පන්දු 41කදී වාර්තා කළ අතර, දෙවැනි ශතකය පන්දු 27දී වාර්තා කර ඇත.
ඔහුගේ එම ඉනිම හේතුවෙන් ග්ලෙන්ඩමෝට්ස් කණ්ඩායම පන්දුවාර 40 තුළදී ලකුණු 462/4 රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ක්ලිෆ්ට්ඔන්විලේ කණ්ඩායමට පන්දුවාර 40 තුළදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 236/6 ක් පමණි.