රියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ තවත් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකාවට අද (18දා) උදෑසනම අහිමි වී ගියේය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් සඳහා සුදුසුකම් ලැබූ පළමු හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා ලෙස මෙවර රියෝ ඔලිම්පික් උලෙළට සහභාගි වූ සුමේධ රණසිංහ, හෙල්ල විසිකිරීම ඉසව්වේ මූලික වටයට සහභාගි වූ අතර, එහිදී ඔහු මීටර 71.93ක දක්ෂතාවක් දක්වමින් 36 වැනිදා (අවසන්) ලෙස තරගය අවසන් කිරීමට සිදුවිය.
කෙසේ නමුත් සුමේධ මෙහිදී දැක්වූ දක්ෂතාව ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව නොවන අතර, වත්මන් හෙල්ල විසිකිරීම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ඔහු මීටර 83.04ක දක්ෂතාවක් මීට පෙර දක්වා තිබුණි. එය මෙවර ඔලිම්පික් උලෙළේ හෙල්ල විසිකිරීම ඉසව්වේ අවසන් 12 දෙනා අතරට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් අතර 09 වැනි ස්ථානයේ සිටින ක්‍රීඩකයා දැක්වූ මීටර 83.01 දක්ෂතාවද අබිබවූ අගයක් වේ.
කොබ්බෑව කීර්තිරත්න මහා විද්‍යාලයේ හා කෑගලු විද්‍යාලයේ ආදි සිසුවෙකු වන සුමේධ රණසිංහ, ඉකුත් පෙබරවාරි මස ඉන්දියාවේ පැවැති 12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උලෙළේදී සිය ඉසව්වෙන් රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දුන්නේය. ඊට අමතරව තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ (2015) රන් පදක්කම ආදි ලෙස ජාත්‍යන්තර ජයග්‍රහණය කිහිපයක් මවුබිම වෙනුවෙන් දිනාදී ඇත.
අවසන් 12 දෙනා අතරට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන්