2016- 2017 තරගවාරය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ දකුණු අප්රිකානු සංචාරයේ තරග කාලසටහන පසුගියදා එළිදැක්විණ. ඒ සඳහා ටෙස්ට් තරග 03 ක්, එක්දින තරග 05 ක් හා විස්සයි 20 තරග 03 ක් තරගාවලිය සඳහා ඇතුළත්ය.
එළැඹෙන දෙසැම්බර් මස මැද භාගයේ ටෙස්ට් තරගාවලියක් අදාළ සංචාරය ඇරඹෙන අතර දකුණු අප්රිකානු ක්රීඩකයන්ට එරට ප්රධාන පෙළේ විස්සයි 20 තරගාවලිය වන රාම් ස්ලාම් විස්සයි 20 තරගාවලියටද දින වෙන් කරමින් ශ්රී ලංකා දකුණු අප්රිකා තරගාවලිය දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය. 2017 ජනවාරි 20 වැනි දින විස්සයි 20 තරග ඇරඹෙන අතර ජනවාරි 28 දින සිට එක්දින තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. තරගාවලියේ එකම පුහුණු තරගය තුන්දින තරගයක් ලෙස දකුණු අප්රිකානු ආරාධිත කණ්ඩායම සමග දෙසැම්බර් 18 වැනිදා පැවැත්වේ.
තරග කාල සටහන
දෙසැ. 18 – 20 - තුන්දින පුහුණු තරගය - සෙන්වස් පාර්ක්හිදී
දෙසැ. 26 – 30 - පළමු ටෙස්ට් තරගය පෝට් එළිසබෙත්හිදී
ජන. 02 - 06 - දෙවැනි ටෙස්ට් තරගය කේප්ටවුන්හිදී
ජන. 12 – 16 - තෙවැනි ටෙස්ට් තරගය ජොහැනස්බර්ග්හිදී
ජන. 20 - පළමු විස්සයි 20 තරගය දිවා/රාත්රී සෙන්චූරියන්හිදී
ජන. 22 - දෙවැනි විස්සයි20 තරගය දිවා/රාත්රී ජොහැනස්බර්ග්හිදී
ජන.25 - තෙවැනි විස්සයි20 තරගය දිවා/රාත්රී කේප්ටවුන්හිදී
ජන.28 - පළමු එක්දින තරගය පෝට් එළිසබෙත්හිදී
පෙබ.1 - දෙවැනි එක්දින තරගය දිවා/රාත්රී ඩර්බන්හිදී
පෙබ.4 - තෙවැනි එක්දින තරගය දිවා/රාත්රි ජොහැනස්බර්ග්හිදී
පෙබ. 7 - සිවුවැනි එක්දින තරගය දිවා/රාත්රී කේප්ටවුන්හිදී
පෙබ. 10 - පස්වැනි එක්දින තරගය දිවා/රාත්රී සෙන්චූරියන්හිදී