බංග්ලාදේශයේ පැවැත්වෙන වයස 19 පහළ එක්දින ලෝක කුසලාන තරගාවලියේ මීර්පූර්හි අද (03දා) පැවැති 'බී' කාණ්ඩයේ තරගයකින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර ලකුණු 23 ක ජයක් ලැබීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.
මෙම තරගය 'බී' කාණ්ඩයේ මෙන්ම තරගාවලියේද මූලික වටයේ අවසන් තරගයද වූ අතර, මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තාන කණ්ඩායමට කාණ්ඩ ශූරයන් ලෙස අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදාවිය.
පාකිස්තානු කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 213 ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 46.4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 189 ක් පමණි.
ශේර් බංග්ලා ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 48.4 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 212 ක් රැස්කිරීමට සමත්විය.
මැදපෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිස තරගයක් ලබාදිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ඉනිම රැගෙන ගිය හසන් මොහ්සින් පන්දු 86කදී ලකුණු 86 ක් රැස්කරමින් දක්ෂතා දැක්වීය. තරගයේ වීරයා සම්මානයද ඔහුට හිමිවිය.
ක්‍රික්ඉන්ෆෝ ලකුණු පුවරුව