ශ්‍රී ලංකා හා පාකිස්තාන 'ඒ' කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය අද (13දා) නිමාවට පත් වනවිට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණූ 244 ක් ලබා සිටියි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ ධනංජය ද සිල්වා ලකුණු 96 ක් ලබා ගත් අතර ඊට අමතරව කිත්රුවන් විතානගේ නොදැවී ලකුණු 63 ක් රැස් කරගෙන සිටියි. පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමෙන් සියා උල් හක් හා සෆාර් ගෝහාර් එක් කඩුල්ල බැගින් දවාළීමට සමත් වූහ. තරගයේ දෙවැනි දිනය අද(14) ක්‍රියාත්මක වේ.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය අතරතුරදී ක්‍රීඩාංගණයට ඉහළින් දෙබරුන් ගමන් කිරීම නිසා ආරක්ෂාකාරී පියවරක් ලෙස ක්‍රීඩකයන් බිම දිගාවීමට කටයුතු කරනු ලැබීය.මේ හේතුවෙන් තරගයට විනාඩියකට ආසන්න කාලයක බාධාවක් ඇතිවිය. කෙසේ වෙතත් මෙයින් කිසිවෙකුටත් හානි නොවූ අතර සිද්ධියෙන් පසුව තරගය සාමාන්‍ය පරිදි නැවතත් ක්‍රියාත්මක විය. හෙට (14දා) තරගයේ දෙවැනි දිනයයි.
ශ්‍රී ලංකාව 244/4(පන්දුවාර 81)
ධනංජය ද සිල්වා 96, කිත්රුවන් විතානගේ 63(නොදැවී), උදාර ජයසුන්දර 42 , සියා උල් හක් 1/56, සෆාර් ගෝහාර් 1/48