අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන මුදල් අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය කම්පනයට පත්ව තිබෙන බවත්, ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රතිපාදන අත්හිටුවීම නීතිවිරෝධී බවත්, එවැනි ආකාරයට ප්‍රතිපාදන ලබාදීම අත්හිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට බැරෑරුම් හානියක් සිදුකරනු ඇතිබවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලිද සිල්වා මහතා සඳහන් කරයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය 16දා මාධ්‍යයට නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයට පිළිතුරු සපයමින්ද, ශ්‍රී ලංකාවට ලබාදෙන ප්‍රතිපාදන අත්හිටුවීමට ගත් තීරණය පිළිබඳව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දීර්ඝ විග්‍රහයක් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඈෂ්ලිද සිල්වා මහතා යොමුකළ ලිපියේ ඉහත සඳහන් කරුණු ඇතුළත් වේ. මෙම ලිපිය අද (20දා) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට යොමුකොට තිබේ.