ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව ජාත්‍යාන්තර මට්ටටමේ ඉහළ තලයක් දක්වා ගමන් කරන අතරේ රග්බි විනිසුරු ක්ෂේත්රයද ඉහළ තලයක් දක්වා නගාසිටුවීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසීය.
ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ තත්ත්වය දියුණු කිරීමට වසර දෙකක් සඳහා නවසීලන්ත ජාතික රග්බි උපදේශකවරයෙකු (consultant) පත්කිරීම පිළිබඳව ඊයේ (02දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
'විනිශ්චකරුවෙකුගේ භූමිකාව ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඇතැම්විට විනිසුරු තීරණ සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්, කණ්ඩායම් නිලධාරීන් විනිසුරුවන්ට චෝදනා කරනවා. නමුත් පසුගිය කාලෙ මම අධ්‍යයනය කළ කාරණා අනුව ශ්‍රී ලංකවේ රග්බි විනිසුරුවන් ලබාදුන් තීන්දු 95% කට වඩා නිවැරදියි. මේ පිළිබඳව විනිසුරු අතුරු පාලන කමිටුවේ සභාපති චූලා ධර්මදාස මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසු තමයි තවදුරටත් ශ්‍රී ලංකවේ රග්බි විනිසුරු ක්ෂේත්රය දියුණු කිරීම සඳහා මෙම විදෙස් රග්බි පුහුණුකරුවෙකු පත් කර ගැනීමට අපි තීරණය කළේ' යැයි පවසා සිටියේය.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මගින් විනිසුරු උපදේශකයෙකු ලෙස වසර දෙකක් සඳහා ගැරත් විලියම්සන් පත්කර ඇත. නවසීලන්ත ජාතිකයෙකු වන ඔහු ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් රැසක් ඇති අයෙකි.
මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පවසා සිටියේ, ශ්‍රී ලංකවේ රග්බි විනිසුරුවන් ඉතා නිවැරදිව සිය කාර්යභාරය ඉටු කරන බවත්, විනිසුරු ක්ෂේත්රයට එක් කර ගත හැකි දක්ෂ පුද්ගලයන් සිටින බවත්ය.
මීට අමතරව ශ්‍රී ලංකා රග්බි සම්මේලනය මගින් රග්බි ක්ෂේත්රය සඳහා නව විනිසුරුවරුන් එක් කරගැනීම හා විනිසුරුවන් සඳහා නව විනිසුරු පුහුණුකරුවන් පත්කිරීමේ වැඩසටහන්ද අරඹා ඇති බවත්, ඒ සඳහා ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු විනිසුරු ඩිල්රෝයි ප්‍රනාන්දු මහතා පත් කර ඇති බවත් මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ ලේකම් නලින් ද සිල්වා, එහි විනිසුරු අතුරු පාලක කමිටුවේ ලේකම් චූලා ධර්මදාස යන මහත්වරුද සහභාගී වූහ.