ආසියානු කුසලාන රග්බි තරගාවලියේ තමන් සහභාගි වූ අවසන් තරගයෙන් පිලිපීනය පරදා ලකුණු 25-21 ක ජයක් හිමි කර ගැනීමට ශ්රී ලංකාව සමත් විය. මැලේසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවති මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විටදී ලකුණු 20-11 ක් ලෙසින් ඉදිරියෙන් සිටි ශ්රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කිරීමට පිලිපීනය සමත් වූ අතර ඒ අනුව අවසන් මිනිත්තුව වන විට ඔවුන් ඉදිරියෙන් සිටියේ ලකුණු 21-20 ක් ලෙසිනි. කෙසේ වෙතත් ජේසන් දිසානායක විසින් අවසන් මිනිත්තුවේදී වාර්තා කළ උත්සාහක දිනුම තරගයේ තීරණය ශ්රී ලංකාවට ලබා දීමට සමත් විය.
ජයග්රාහී ශ්රී ලංකාව ගෝල දිනුම් දෙකක් , උත්සාහක දිනුමක් හා දඩුවම් පහර දෙකක් මගින් සිය ලකුණු රැස් කළ අතර ගෝල දිනුමක්, උත්සාහක දිනුමක් හා දඩුවම් පහර තුනක් පිලිපීනයේ ලකුණු පුවරුව ක්රියාත්මක කරවීය. මෙම ජයග්රහණයත් සමගින් තරගාවලියේ ප්රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටිමින් තරගාවලිය නිමා කිරීමට ශ්රී ලංකාව සමත් වූ අතර එහි පෙරමුණ හිමි වූයේ සත්කාරක මැලේසියාවටයි.