(Update)
ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 97 කින් පරාජය කර බංග්ලාදේශයේ පැවැත්වෙන වයස 19 පහළ එක්දින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (09දා) සමත්විය.
19 පහළ ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 05 වැනි අවස්ථාව මෙය වන අතර, අවසන් වරට 2012 වසරේ ශූරතාව ඔවුහු දිනා ගත්හ. ඊට අමතරව 2000 හා 2008 වසරේ ලෝක ශූරයන් ලෙස කිරුළු පැලඳ ඇති ඉන්දියාව, 2006 වසරේ අනුශූරයන් වී ඇත.
2000 වසරේ ශ්රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවැති තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට ශ්රී ලංකාව සමත්වූ අතර, එය මෙම තරග ඉතිහාසයේ මෙතෙක් ශ්රී ලංකාව ලබා ඇති ඉහළම ජයග්රහණය වේ. එවර අවසන් තරගයේදී ශ්රී ලංකාව කඩුලු 06 කින් ඉන්දියාව හමුවේ පරාජය විය.
අද (09දා) පැවැති තරගයේ ලකුණු 268 ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42.4 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 170 ක් පමණි.
ක්රික්ඉන්ෆෝ ලකුණු පුවරුව