ලෝක ශූරතා මේසපන්දු තරගාවලියකදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමක් ප්‍රදර්ශනය කළ ඉහළම දක්ෂතාව දක්වමින් ජපානයේ ටෝකියෝහිදී අද (04දා) අවසන්වූ ලෝක ශූරතා කණ්ඩායම් මේසපන්දු තරගාවලියේ සිවුවැනි කාණ්ඩයේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
අවසන් තරගයේදී මොන්ටෙනෙග්‍රෝ (MONTENEGRO) රාජ්‍යය හමුවේ තරග වට 3-2කින් පරාජයවීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, ඔවුන් අවසන් පූර්ව තරගයේදී උස්බෙකිස්තාන කණ්ඩායම පරාජය කිරීමට සමත්විය.
මෙම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට රටවල් 120 අතුරින් 74 වැනි ස්ථානය හිමිවූ අතර, ඒ අනුව එළඹෙන වර්ෂයේ සිට තෙවැනි කාණ්ඩයෙන් තරග කිරීමට අවස්ථාව උදාවිය.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මෙවර තරගාවලියේදී සැලකිය යුතු දක්ෂතාවක් දැක්වීමට නොහැකිවූවත්, තෙවැනි කාණ්ඩයෙන් තරග කළ ඔවුන් සිය ස්ථානය රැකගැනීමට සමත්විය. ඒ අනුව ඔවුන් රටවල් 96 අතරින් 57 වැනි ස්ථානය හිමිවිය.