සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර ගාල්ල ජාත්‍යන්තර ක්රීඩාංගගණයේදී ඊයේ (17දා) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 06ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
පසුගිය 14 වැනිදා ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පන්දුවට පහරදීම තෝරාගත් අතර, පන්දුවාර 152.3 අවසානයේදී ඔවුන් සියල්ලන් දැවී ලකුණු 484ක් රැස්කිරීමට සමත්විය. දිමුත් කරුණාරත්න (186) හා දිනේෂ් චන්දිමාල් (151) ශතක රැස්කරමින් ඉනිම ඔසවා තැබූහ. කොදෙව් පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුවහන් කළ දේවේන්ද්‍ර බිෂෝ කඩුලු 04ක් දවාලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායමට පන්දුවාර 82 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251 ක් පමණි. ඩැරන් බ්රාවෝ රැස්කළ අර්ධ ශතකය (50) හැරෙන්න වෙනත් කිසිඳු පිතිකරුවෙකුට සැලකිය හැකි ඉනිමක් කොදෙව්වන් වෙනුවෙන් ක්‍රීඩාකිරීමට නොහැකි විය. ප්‍රතිවාදී පිතිකරුවෝ සම්පූර්ණයෙන් කණපිට පෙරළු රංගන හේරත් කඩුලු 06 ක් දවාලීය.
ඒ අනුව ලකුණු 233ක් පසු පසින් සිටිමින් නැවතත් දෙවැනි ඉනිම ඇරඹු කොදෙව් පිතිකරුවන්ට එවරද සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 227 ක් පමණි. ජර්මේන් බ්ලැක්වුඩ් ලකුණු 92ක් රැස්කළදත්, එය කොදෙව් කණ්ඩායම ඉනිමක පරාජයෙන් බේරාගැනීමට ප්‍රමාණවත් නොවීය. දෙවැනි ඉනිමේද සාර්ථක වූ රංගන හේරත් කඩුලු 04ක් දවාලීය.
සමස්ත තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ හේරත්ට තරගයේ වීරයා සම්මානයද හිමිවිය. මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත මෙම තරගාවලියේ තරග 1 - 0 ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටියි.