ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියක පළමු වරට කුසලාන අවසන් තරයකට පිවිසීමේ අවස්ථාව ශ්රී ලංකාවෙන් අද (11දා) ගිලිහී ගියේය. ඒ කුසලාන වටයේ ජපානය සමගින් පැවති අවසන් පූර්ව තරගයන් තියුණු තරගයකින් අනතුරුව ලකුණු 26-19 ක් ලෙසින් පරාජයට පත් වීම හේතුවනි.
තරගයේ පළමු අර්ධයේදී සිය සුපුරුදු ආක්රමණශීලී ක්රීඩා රටාවට පිවිසි ජපාන ක්රීඩකයෝ එම අර්ධය අවසන් කළේ ලකුණු 19-07 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමිනි. කෙසේ වෙතත් දෙවැනි අර්ධයේදී ජපානයට අමතක නොවන තරගයක් ලබා දුන් ශ්රී ලංකා ක්රිඩකයෝ එම අර්ධය තුලදී තවත් ලකුණු 12 ක් රැස් කළේ, ජපාන කණ්ඩායම එම අර්ධය තුළදී ලකුණූ 07 කට සීමා කරමිනි. කෙසේ නමුත් තරගයේ අවසන් ලකුණු සටහනට අනුව ජපානයට ජය හිමි විය.
ශ්රී ලංකාව වෙනුවෙන් ධනුෂ්ක රංජන් උත්සාහක දිනුම් දෙකක් හා රිචර්ඩ් ධර්මපාල එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ.
මේ අතර කුසලාන වටයේ පැවති අනෙක් අවසන් තරගයෙන් මැලේසියාව ලකුණු 38-07 ක් ලෙස පරාජයට පත් කිරීමට හොංකොං කණ්ඩායම සමත් විය. මේ අනුව ශ්රී ලංකාව තරගාවලියේ තෙවැනි ස්ථානය ස්ථානය සඳහා මැලේසියාව සමගින් තරග වැදීමට නියමිතය.