(UPDATE) ලකුණු 386 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම සිවුවැනි දිනයට අද (31දා) තරගය නිමාකරන විට කඩලු 3කට ලකුණු 67 රැස්කරගෙන සිටියේය. ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය කණ්ඩායමට හෙට දිනයේදී තවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බිඳ හෙළිය යුතු වන්නේ කඩුලු 7ක් පමණි. තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ලකුණු 319ක් අවශ්‍ය වෙයි. පිතිකරුවන් තිදෙනෙකු ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීම හේතුවෙන් මෙම අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක් අසීරුවෙයි.
ඉන්දීය කණ්ඩායමක් අවසන් වරට ශ්‍රී ලංකාවේදි ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කර ඇත්තේ 1993 වසරේදී වන අතර මෙම තරගයද ඉන්දීය කණ්ඩායම ජයගත්හොත් තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස ඉන්දියාව ජයගනු ඇත.
ඉන්දීය නවක ටෙස්ට් නායක විරාත් කෝලිගේ පළමු ටෙස්ට් තරගාවලියද මෙය වෙයි. ඒ අනුව වසර 22කට පසුව ඉන්දීය කණ්ඩායමකට ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් හිමිකර දෙමින් සිය පළමු ටෙස්ට් තරගාවලියම සාර්ථක තරගාවලියක් බවට පත්කරගැනීමට මෙම තරගය ජයගතහොත් කෝලි සමත්වෙයි.
ලකුණු 111ක වාසියක් සමගින් සිය දෙවැනි ඉනිම ඊයේ (30දා) ආරම්භ කළ ඉන්දීය කණ්ඩායමට දෙවැනි ඉනිමට රැස්කළ හැකි වූයේ ලකුණු 274ක් පමණි. සිවුවැනි දිනයට අද (31දා) තරගය ආරම්භ කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 28ක් රැස්කරගෙන තිබූ අතර ඉන්දීය කණ්ඩායමේ මැදපෙළ හා පසුපෙළ ක්‍රීඩකයෝ කෙටි ඉනිම් ක්‍රීඩා කරමින් කණ්ඩායම ලකුණු 274ක් දක්වා රැගෙන ආහ. අගනා ඉනිමක් ක්‍රීඩා කළ තුන්ඉරියව් ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් මෙහිදී සිය ටෙස්ට් දිවියේ පස්වැනි අර්ධ ශතකය වාර්තා කරනු ලැබීය. නුවන් ප්‍රදීප් හා ධම්මික ප්‍රසාද් අතරේ කඩුලු හතර බැගින් බෙදී ගියේය.
ලකුණු 386ක දැවැන්ත ඉලක්කයක හඹායම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ බලාපොරොත්තු සුන් කිරීමට ඉෂාන්ත් ශර්මා හා උමේස් යාදව් සමත්වූහ. ඒ ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 21ක් වන විට උපුල් තරංග, දිමුත් කරුණාරත්න හා දිනේෂ් චන්දිමාල් නැවතත් ක්රීඩාගාර වෙත හරවා යවමිනි. නායක ඇන්ජලෝ මැතිව්ස් හා කෞෂාල් සිල්වා නොදැවි පිටියේ රැඳී සිටිති.
එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ඇරයුමෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 312ක් රැස්කරනු ලැබීය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වූ චෙටෙස්වර් පුජාරා නොදැවී ලකුණු 145ක් රැස්කිරීමට සමත්විය. ඒ ඔහු වාර්තා කළේ සිය හත්වැනි ටෙස්ට් ශතකය වන අතර ආරම්භක පිතිකරු ලෙස පැමිණ ඉනිම අවසන් වන තෙක් ඔහු නොදැවී කඩුල්ලේ රැඳී සිටියේය.
ඉන්දීය කණ්ඩායම ලකුණු 180ට කඩුලු හතක් ලෙස සටහන් වූ අවස්ථාවේදී පිටියට පිවිසි අමිත් මිශ්රා හා එක්වූ පුජාරා එස්.එස්.සී. පිටියේ අටවැනි කඩුල්ල සඳහා ඉහළම සබඳතාව වූ ලකුණු 104ක සබඳතාවක් පවත්වමින් ඉන්දීය ඉනිම තරගකාරී ලකුණු සංඛ්‍යාවට රැගෙන ආවේය. මිශ්රා සිය ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකය මෙහිදී වාර්තා කිරීමට සමත්විය.
ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 312ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 201ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු හයක් ලකුණු 47ට බිඳී තිබියදී පිටියට පිවිසි කුසල් පෙරේරා හා රංගන හේරත් හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 79ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම වැටෙන්නට ගිය අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් මුදවා ගත්හ. සිය පළමු ටෙස්ට් ඉනිමේදීම අර්ධ ශතකයක් රැස්කිරීමට කුසල් පෙරේරා සමත්විය. පන්දුවෙන් සිය වගකීම් මැනවින් ඉටුකරන රංගන හේරත් මෙම තරගයේදී පිත්තෙන්ද කණ්ඩායම වෙත සිය වගකීම් ඉටුකළේය. ඉන්දීය කණ්ඩායමේ ඉෂාන්ත් ශර්මා ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5 බිඳහෙළීය.
තරගයේ පළමු දිනයට (28දා) හා දෙවැනි දිනයට (29දා) අයහපත් කාලගුණයෙන් බාධා ඇතිවිය. පළමු දිනයේදී ක්‍රීඩා කිරීමට හැකිවූයේ පන්දුවාර 15.2ක් පමණි. එහිදී ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකකට ලකුණු 50ක් රැස්කරගෙන සිටියේය. හෙට (01දා) තරගයේ අවසන් දිනයයි.
සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ලකුණු 274කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 386ක ඉලක්කයක් හිමිවිය.
ණුවන් ප්‍රදීප් හා ධම්මික ප්‍රසාද් හමුවේ කඩුලු හතර බැගින් බෙදී ගියේය. ඉන්දීය කණ්ඩායමේ ඉහළම ලකුණු ලභියා වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 58ක් රැස්කළේය.
රෝහිත් ශර්මාද අර්ධ ශතකයක් රැස්කළේය. තරගයේ අවසන් භාගයේදී ශර්මා හා ධම්මික ප්‍රසාද් අතර උණුසුම් වාග් සංග්‍රාමයක්ද සිදුවිය.
ඡායාරූප ශාන්ත රත්නායක