සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට සත්කාරක ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.
වර්ශාව හේතුවෙන් තරගය පන්දුවාර 45කට සීමා විය.
කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් මුලින්ම පන්දුවට පහර දුන්නේය.
ඔවුන්ට සියලු දෙනාම දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 185ක් පමණි.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 34.2කදී කඩුලු දෙකක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.
සංගා හා මහේල තෙවැනි කඩුල්ලට ලකුණු 149ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නැංවීය.
තරගයේ විරයා ලෙස මහේල ජයවර්ධන සම්මාන ලැබීය.
ඡායාරූප ශාන්ත රත්නායක