අතුරු කමිටුවව හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ ශ්රී ලංකා ක්රිකට් අයි.සී.සී. පූර්ණ සාමාජිකත්වය නැවතත් ශ්රි ලංකාවට ලබාදීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය කටයුතු කොට තිබේ.
ඩුබායිහිදී පෙරේදා (03දා) පැවැති අයි.සී.සී. කමිටු රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මෙම තීරණයත් සමගින් ශ්රී ලංකා ක්රිකට් ආයතනයට ඉදිරියේදී අයි.සී.සී. පූර්ණ අරමුදල් ලැබෙන අතරම කමිටු රැස්වීම්වලට සහභගීවීමට හා ජන්ද ප්රකාශ කිරීමේ අයිතිය ලැබී තිබේ.
පසුගිය මස පැවැති නිලවරණය හේතුවෙන් මෙම ප්රතිලාභ ක්රිකට් ආයතනයට ලැබී තිබේ.