සැමෝවාහි මේ දිනවල පැවැත්වෙන යොවුන් පොදු රාජ්ය මණ්ඩලීය තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් දිනාගැනීමට ශ්රී ලංකාවේ ක්රීඩකයෙකු හා ක්රීඩිකාවක් අද (07දා) සමත්ව ඇත.
මෙහි එක් පදක්කමක් කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්රෑම් 48 බර පන්තිය නියෝජනය කළ ශ්රීමාලි සමරකෝන් විසින් හා අනෙක් පදක්කම උස පැනීම පිරිමි ඉසව්ව නියෝජනය කළ රොශාන් ධම්මික රණතුංග විසින් දිනාගෙන ඇත.
මෙම තරගාවලිය 05 වැනි වරට මෙවර පැවැත්වෙන අතර, තරගාවලිය එළඹෙන 11 වැනිදා දක්වා පැවැත්වේ. මේ සඳහා 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගියදා (01) දිවයිනෙන් පිටත්ව ගියේය.