බාබඩොස් 67 - ශ්‍රී ලංකාව 33
දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ බාබඩොස් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම අද (13) මුහුණදුන් තරගයෙන්ද 67 – 33 ක් ලෙස ගෝල 34කින් පරාජයවීමට සිදුවිය. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැවත්වෙන මෙම තරගාවලියේ මේ දක්වා මුහුණදුන් තරග සියල්ල පරාජයවී සිටින ශ්‍රීලංකාව නොකඩවා ලැබූ හයවැනි පරාජය මෙය වේ.
මෙම තරගයේ පළමු වටයට ගෝල 18 -12 ක් ලෙස බාබඩොස් ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටි අතර, තෙවැනි හා තෙවැනි වට වලදීද පිළිවෙලින් 19 – 05 හා 17 – 08 ක් ලෙස තවදුරටත් ඉදිරිය රඳවාගැනීමට සමත් වූහ. සිවුවැනි හා අවසන් වටයේදීද කළ නොහැක්කක් නොමැතිවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට එම වටයද ගෝල 13 – 08 ක් ලෙස පරාජයවීමට සිදුවිය.
මෙම තරගයට අවතීර්ණ වනවිට බාබඩොස් කණ්ඩායම දැල්පන්දු ලෝක ශ්‍රේණිගතකිරීම්හි 09 වැනි ස්ථානයේ පසුවූ අතර, ශ්‍රී ලංකාව එහි 22 වැනි ස්ථානයේ පසුවිය.
ස්ථාන වෙන්කිරීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (12දා) මුහුණදුන් තරගයෙන්ද ස්කොට්ලන්තය හමුවේ ගෝල 59 – 27ක් ලෙස පරාජය වූ අතර, එම වටයේම පෙරේදා (11දා) පැවැති තරගයකින් ෆීජි හමුවේ ගෝල77 – 31 ක් ලෙස පරාජයවිය.
මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිංගප්පූරුව (48 - 26), මලාවි (101 - 18) හා දකුණු අප්‍රිකා (89 – 17) කණ්ඩායම් හමුවේ තරග සියල්ලම පරාජය විය. ඒ හේතුවෙන් කුසලාන වටයට නැතිනම් අවසන් අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට තිබූඅවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වූ අතර, 9 -16 අතර ස්ථානයක් වෙනුවෙන්ක්රීඩාකිරීමට සිදුවිය.
ශ්‍රී ලංකා - බාබඩොස් තරගය