(Update)
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 183කට සීමාකිරීමට ඉන්දීය පන්දු යවන්නෝ දැන් සමත්විය. දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසියේ ඉන්දීය කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකාවේද ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ක්‍රීඩාකළ අඩුම ලකුණු සංඛ්‍යව මෙය වේ.
ඇන්ජලෝ මැතිව්ස් (64) හා දිනේෂ් චන්දිමාල් (59) හැරෙන්න වෙනත් කිසිඳු පිතිකරුවෙකුට ඉනිම නගාසිටුවීමට අවැසි ඉනිමක් ගොඩනැගීමට නොහැකිවිය.
ශ්‍රී ලංකාවට එරෙහි වූ රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 46කට කඩුලු 06ක් දවාලූ අතර, එය දෙරට අතර ටෙස්ට් තරග ඉතිහායේ ඉන්දීය පන්දු යවන්නෙකු ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ හොදම පන්දු යැවීම විය.
පස්දෙනෙකුගේ ඉනිම් අවසන්
දිවා ආහාරය සඳහා තරගය නතරකරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23 ක් අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 65 ක් රැස්කරගෙන සිටියි.
නොදැවී කඩුල්ලේ රැදී සිටින නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 26ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 05 ක් රැස්කරගෙන සිටියි.
සංගාගේ ඉනිම නවතියි
කුමාර් සංගක්කාරගේ ඉනිම අවසන් කිරීමට රවිචන්ද්‍රන් අශ්වින් දැන් සමත්විය. ලෝකේෂ් රාහුල් වෙත උඩපන්දුවක් ලබාදී සංගා දැවීයන විට ලකුණු 05 ක් රැස්කරගෙන සිටියේය.
පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවන විට පන්දුවාර 12 අවසානයේ කඩුලු 03 ක් දැවී ලකුණු 27 ක් රැස්කරගෙන සිටියි. ළහිරු තිමාන්න (07) හා නායක ඇන්ජලෝ මැතිව්ස් (0) කඩුල්ලේ රැදී සිටියි.
දිමුත් කරුණාරත්න සමගින් කෞෂාල් සිල්වා ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව සාර්තක ආරම්භයක් ලබාදීමට අපෝසත්වූ කරුණාරත්න තරගයේ 6.5 වැනි පන්දුවාරයේදී ඉශාන්ට් ශර්මාගෙන් පන්දුවක් හමුවේ අජින්කේ රහානේ වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්විය. ඔහු දැවීයන විට ලකුණු 09 ක් රැස්කරගෙන සිටියේය.
ඉන් අනතුරුව කෞෂාල් සිල්වාටද වැඩිවේලාවක් කඩුල්ලේ රැදී සිටිමට නොදැකිවූ අතර, තරගයේ 7.1 වැනි පන්දුවාරයේදී වරුන් අරෝන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. ශිකර් දවාන් වෙත උඩපන්දුවක් ලබාදි ඔහු දැවීයන විට ලකුණු 05 ක් රැස්කරගෙන සිටියේය.
ශ්‍රී ලංකාව පන්දුවට පහරදීම තෝරාගනියි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (12දා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර ඇති සංගක්කාර ගාල්ලේ ක්‍රීඩාකරන අවසන් තරගය මෙය වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, ජෙහාන් මුබාරක්, රංගන හේරත්, ධම්මික ප්‍රසාද්, නුවන් ප්‍රදීප්, තරිඳු කෞෂාල්
ඉන්දීය කණ්ඩායම
ශිකර් දවාන්, ලෝකේෂ් රාහුල්, රෝහිත් ශර්මා, විරාට් කෝලි (නායක), අජින්කේ රහානේ, රිද්හිනම් සහ, රවිචන්ද්‍රන් අශ්වින්, හර්බජාන් සිං, අමිත් මිශ්රා, වරුන් අරෝන්, ඉශාන්ට් ශර්මා