ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
ශ්‍රී ලංකාව හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන නායක මිස්බා උල් හක් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය. තරගය දහවල් 12.00 ආරම්භකිරීමට නියමිතව ඇත. වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ පළමු දිනය ඊයේ (17දා) ක්‍රීඩා කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රැකිමේ වගකීම දිනේෂ් චන්දිමාල්ට හිමිව තිබේ. කිත්රුවන් විතානගේද කණ්ඩායමට කැඳවා තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, කිත්රුවන් විතානගේ, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ධම්මික ප්රදාස්, නුවන් ප්‍රදීප්
පාකිස්තානු කණ්ඩායම
අහමඩ් ශෙසාඩ්, මොහොමඩ් හෆීස්, අසාර් අලි, යුනිස් ඛාන්, මිස්බා උල් හක්, අසාද් ශෆික්, සෆ්රාස් අහමඩ්, වහබ් රියාස්, යසර් සහ්, සුල්ෆිකර් බාබර්, ජුනයිඩ් ඛාන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

