ශ්‍රී ලංකාව රග්බි ශ්‍රේණිගතකිරීම්හි ආසියාවේ සිවුවැනියා
අන්තර්ජාතික රග්බි සම්මේලනය ඊයේ (12දා) නිකුත් කළ නවතම කණ්ඩායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පියවර නවයක් ඉදිරියට පැමිණ 38 වැනි ස්ථානයට පැමිණ ඇත. එහි ආසියානු කණ්ඩායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයේ පසුවෙයි. මීට පෙර ඔවුන් (ශ්‍රී ලංකාව) 47 වැනි ස්ථානයේ පසුවිය.
පිලිපීනයේදී පසුගිය සෙනසුරාදා (09දා) අවසන් ආසියානු රග්බි ශූරතා පළමු කාණ්ඩයේ තරගාවලියේ ශූරතාව හිමිකරගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙලෙස ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියට පැමිණීමට හැකියාව ලැබී ඇත.
ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 11 වැනි ස්ථානයේ පසුවන ජපානය ආසියානු කණ්ඩායම් අතර පෙරමුණෙ හි පසුවෙයි. දකුණු කොරියාව (ලෝ.ශ්රේ. 22) එහි දෙවැනි ස්ථානයේ පසුවන අතර, හොංකොං (ලෝ.ශ්රේ. 29) තෙවැනි ස්ථානයේ පසුවෙයි.
නවසීලන්ත කණ්ඩායම ලෝක ශ්‍රේණිගතකිරීම්හි අංක එකෙහි පසුවන අතර, දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේ හා අයර්ලන්ත තෙවැනි ස්ථානයේ පසුවෙයි.
ලෝක ශ්‍රේණිගතකිරීම්හි ඉදිරියෙන් සිටින කණ්ඩායම් දහය
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
