අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් වර්ගීකරගණයේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිව ඇත. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ (25දා) පැවැති තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, ඒ හේතුවෙන් සිවුවැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.
කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම වර්ගීකරණයේ පෙරමුණේ පසුවන අතර, ඉන්දියානු කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසු වේ. සෙසු ස්ථාන පිළිවෙළින් දකුණු අප්‍රිකාව (4), එංගලන්තය (5), පාකිස්තානය (6), නවසීලන්තය (7), බටහිර ඉන්දීය කොදෙව් (8), බංග්ලාදේශය (9), සිම්බාබ්වේ (10) හා අයර්ලන්තය (11) යන කණ්ඩායම් විසින් හිමිකරගෙන ඇත.