සංචාරක ශ්‍රී ලංකා කණ්ඩයම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ට ලකුණු 360ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 361ක ඉලක්කයක් ලබාදුන්නේය.
නවසීලන්ත ඉනිමට ශක්තිමත් සබඳතාවක් දැමූ ලුක් රොන්කි හා ග්‍රාන්ට් එලියට් පස්වැනි කඩුල්ල සඳහා පැවැත්වූ නොබිඳුණු ලකුණු 267ක සබඳතාව එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හයවැනි කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම සබඳතාව වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය වෙනස්කරමින් දිමුත් කරුණාරත්න වෙනුවට ළහිරු තිරිමාන්න මෙම තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් හා එක්ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භකළහ.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දුවාර 18.3කදී ලකුණු 93ක සබඳතාවක් ගොඩනැගීය. පළමු කඩුල්ල ලෙසින් තිරිමාන්න (45) දැවී ගියේය. මෙම තරගයට ඇන්ජලෝ මැතිව්ස් ක්රීඩානොකරන හෙයින් තිරිමාන්න නායකයා ලෙස කටයුතු කරයි.
ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 258ක් අවශ්‍ය වෙයි. ඒ සඳහා පන්දුවාර 30ක් ඉතිරිව පවතියි.
ශ්‍රී ලංකාව 103/1 (පන්දුවාර 20)
ඩිල්ෂාන් 50*
සංගා 0*